වෙසක්,බුදුන්වහන්සේ සහ භාවනාව.

ලෝකයේ බිහි වූ මහා ශාස්තෘවරයන්ගෙන් කෙනෙකු වන බුදුරජාණන් වහන්සේ ගැන ලෝකය පුරා  බොහෝ දෙනෙකු කතා වන වෙසක් පොහොය නිමිත්තෙන් මේ සටහන තැබීමට අදහස් කලෙමි.
(මේ සටහන කිසිවෙකු බෞද්ධ යයි කියවෙන ආගමකට හැරවීමට හෝ නූතන බුදු දහම සහ බුදු දහම යයි කියා දේශනා වන සියල්ල පරම සත්‍ය යයි හැඟවීමට කෙරන ආයාචනයක් ලෙස නොසලකන්න.)
Ravindu Heshan Photography

භාවනාව බුද්ධ කාලයට පෙර සිටම පැවතියද නවතම  භාවනා ක්‍රම සොයා ගැනීම සහ භාවනා කිරීමට මින්සුන් උනන්දු කරවීම වස් බුදුරජාණන් වහන්සේගෙන් ඉටු වූ සේවය ඉමහත්ය.
විශේෂයෙන්ම විපස්සනා/mindfullness භාවනා ක්‍රමය හමු වන්නේ බුදු දහම තුළ වන අතර එය ජීවන රටාවම පවා මානව එකලස් සහ ක්‍රමවත් කළහැකි අභ්‍යාස ක්‍රමයකි.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ තරම් වෙන කිසිඳු ශාස්තෘවරයෙක් භාවනාවේ අගය සහ එය සියල්ලෝම කළ යුතු මානසික අභ්‍යාසයක් යයි වටහා දීමට තරම් පුරාණයේ යොමු වූ බවක් ද අපට අසන්නට නොලැබේ.

කෙසේ නමුදු දීර්ඝ කාලීනව භාවනාවේ යෙදුණු යෝගිවරයෙක්/මුනිවරයෙක් වූ බුදුරජාණන් වහන්සේ තුළ දිස්වූ අසමසම මානුෂීය බව පෙන්වන කරුණාව  දයාව හා මෛත්‍රිය වැනි උසස් මානසික ලක්ෂණත් භාවනාව දියුණු කිරීමෙන් මනුෂ්‍යයෙකු තුල වර්ධනය වන ඒ ආශ්චර්යමත් බවට උදාහරණ ලෙස පෙන්වා දිය හැක .
එමෙන්ම උන්වහන්සේ අනෙකුත් මිනිසුන් පවා මනසින් උසස් මනුෂ්‍යයන් බවට පරිවර්තනය කිරීමෙහිලා, එලෙස  තමන් භාවනාවෙන් ලත් දැනුම සහ අත්දැකීම් බෙදා දීමෙන් සිදු කළ අතර වෙසක් දිනය ඒ මහඟු කර්තව්‍ය මෙනෙහි කරනුවස් යොදා ගත හැකි වසරේ සොඳුරුතම  දිනයක් වේ.
මනසේ ස්වාභාවය  සහ මානසික සෞක්‍ය ගැන වඩාත් විද්‍යාත්මක විග්‍රහයක් මුලින්ම සඳහන් වන්නේ බුදු දහම තුලයි.
එසේම මිනිස්  ජීවිතය තුල දේව ඇදහීම් සහ බාහිර බලවේග වලට වඩා තම සිත සහ සිතෙහි පවතින එකග්‍රතාවයෙන් ඇති වන බලපෑම මූලික වශයෙන් වටහා දීමට සමත්වන ආදිතම දර්ශනයන්ගෙන් එකක් ලෙසද බුදු දහම හැදින්විය හැක.මෙනිසාම බෞද්ධ දර්ශනයේ හරය භාවනාව සහ ස්වයං මානසික සංවර්ධනය ලා සැකසී ඇති බව මාගේ පෞද්ගලික පිළිගැනීමයි.ඉදින් වෙසක් දිනය එම දර්ශනය කියා දුන් බුදුන්වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගැනීමටත් උන්වහන්සේ ඇතුළු එවැනි මගක් ගත් අනෙකුත් මුනිවරයන් සියල්ලෝම කෙරෙහි  කෘතගුණ මනසේ රඳවා ගන්නටත් වැදගත්ම දිනය යයි මට හැඟේ.

තවද බුදුරජාණන් වහන්සේගේ ජීවන රටාව සහ උන් වහන්සේ සමාජ විපර්යාසයක් සිදු කිරීමෙහිලා කුල ක්‍රමය වැනි දෑට එරෙහිව සිදු කළ සාමකාමී විප්ලවය පවා මෙනෙහි කිරීමට වෙසක් දිනය සුදුසු බව කිව යුතුය .
Ravindu Heshan Photography
 ථෙරවාද බුදුදහම උවද,සෙන්,ටිබෙට් හා ශවොලීන් මහායාන බුදු දහම හා වජිරක්‍යන ආදී ලෝකය පුරා ඇති සියළුම බෞද්ධ දර්ශනයන්ගේ මූලික හරය තුළ තමා තුලින්ම ඇති කර ගන්නා මානසික සංවර්ධනය සහ තමා තුලින් ඇති කර ගන්නා වෙනස කියවෙන අතර,භාවනාව ඒ සඳහා ඇති මූලිකම පියවර වශයෙන් පිළි ගැනේ .

ඉදින් මේ වෙසක් දිනය භාවනාව ජීවීතයට එක් කර ගන්නා නිවාඩු නිස්කලංක සහ ගුණවත් දිනයක් කර ගන්න .
















Comments