භාවනාවෙන් එදිනෙදා ජීවිතයට ලැබෙන වාසි (වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ ඇසුරින් )


භාවනාවෙන් මනස ඒකාග්‍රතාවය මූලික වශයෙන්ම සිදු වූවත්,එම මනස නිශ්චල වීමේ ප්‍රතිපලය නිසාම කයික,අධ්‍යාත්මික සහ හැඟීම් රටා(සිතුවිලි) යන සියල්ලේම සෞක්‍යත්,උසස් භාවයත් ඇති වනු ඇත.ක්ෂණිකව සිදු නොවූවත්,එය භාවනාවේ ප්‍රගතිය හා එය පුරුද්දක් ලෙස කිරීමේ ස්ථාවර බවත් සමගම ක්‍රමානුකුලව වැඩි දියුණු වනු ඇත.
එමෙන්ම භාවනාව බොහෝ ලෙඩරෝග  වලින් වැළකීමටත්,ලෙඩ වලට ප්‍රතිකාරයක් ලෙසත් විවධ සංස්කෘතීන් හා වෛද්‍ය ක්‍රම වල කාලයක් තිස්සේ පාවිච්චි වී ඇත.(මූලික ප්‍රතිකාරයක් ලෙස හෝ හුදෙකලාව එය පමණක් භාවිතා කෙරෙන ලෙස වටහා නොගන්න)


භාවනාව පිලිබඳ මූලිකම වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි ලෙස හමු වන්නේ එය අධි රුධිර පීඩනය පාලනයට යොදා ගත හැකි ක්‍රමයක් ලෙසත්,මානසික ආතතිය සමනයට යොදා ගත හැකි මෙවලමක් ලෙසත්ය.ඉන් පසු භාවනාව නිසා  මොලය හා ස්නායු පද්දතියට අදාලව සිදු වන වෙනස්කම් ආදිය පිලිබඳ පරීක්ෂණ හා විවධ අනෙකුත් පරීක්ෂණ 1970 සිට අද දක්වාම සිදු කෙරේ.


2000 වසරේදී පමණ” neuroplasticity of brain due to meditation “ එනම් භාවනාව මගින් මොලයේ ස්නායු උපාගම අතර සබඳතා වැඩි දියුණු කිරීමේ හැකියාවත් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ඇති හැකියාවත් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවරු කරන ලදී.මේවාත් සමගම භාවනාව හා මානසික සෞක්‍ය හා මානසික රෝග ආදිය ගැන සබඳතා ,වේදනාව පාලනය,කායික විද්‍යාවට ඇති බැඳීම හා ඉගෙනීමේ කටයුතු වලට ඇති බැඳීම,ඉවසීම හා මානව දයාව ප්‍රගුණ කිරීමට ඇති බාධාවන් මැඩලීම වැනි විවධ මානව ගැටළු සහ අවශ්‍යතා සඳහා ඇති භාවනාවේ ප්‍රයෝජන ආදිය ගැන පසු ගිය දශක ගණනාව පුරාම විවිධ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ තව දුරටත් සිදු කෙරුණි.එමගින් භාවනාවේ පල ප්‍රයෝජන නැවත නැවතත් විද්‍යාත්මකව තහවරු වන්නට විය.


ඉතින් මෙලෙස කාලයක් තිස්සේ වෛද්‍ය විද්‍යාත්මකව තහවරු වූ භාවනාවේ විවධ ප්‍රතිලාභ/වාසි පෙළ ගැස්සවීමට මෙම ලිපිය යොදා ගන්නට සිතුවෙමි.

  1. මානසික ආතතිය අඩු වීම.
  2. ශාරීරික ආතතිය සහ ඒ හා බැඳුනු බෝ නොවන රෝග සුව කිරීමට/අවම ඇති හැකියාව.උදාහරණ ලෙස පිලිකා රෝග හා ඒසඳහා භාවිතා වන රසායනික චිකිත්සා හා විකිරණ නිසා ඇති වන ශාරීරික අපහසුතා,මානසික අසහනය නිසා  ඇති වන ජීර්ණ අපහසුතා,ප්‍රදාහය ආදිය .
  3. විවධ මානසික රෝග වල ලක්ෂණ අඩු කිරීමට(යම් අවස්ථාවල සුව කිරීමට)ඇති හැකියාව. උදාහරණ ලෙස  පශ්චාත් කම්පණ ආතතිය,පීඩනෝන්මාදය,විෂාදය
  4. උමතු සම්පීඩන ආබාධ,අසාමන්‍ය භීතිකා /ෆොබියාවන් ආදී අධික මානසික භීතික ලෙඩරෝග වලින් සහනයක් ලැබීමට භාවනාවේ ඇති සම්බන්දතාව.
  5. මොළය සහ ප්‍රතිශක්තිකරණ පද්ධති වැඩි දියුණු වීමේ වෙනස්කම් ඇති කිරීමට ඇති හැකියාව.
  6. චිත්තවේග නිසා ඇතිවන ගැටළු සමනය හා ඇති වාසි.
  7. තමා සහ තම පෞර්ෂය,හැකියාවන් ආදිය ගැන නිවැරදි දැකීමක් ඇති වීම.
  8. ජීවිතයේ එදිනෙදා ඇති වන ප්‍රශ්න වලට මැනවින් මුහුණ දීමට හැකියාව ලැබීම ,ජීවන ගැටළු විසදීමට තර්කන හැකියාව ඇති වීම ආදිය.
  9. යම් ක්‍රියාකාරකමකදී අවධානය යෙදවීමේ හැකියාව(අවදියෙන් සිටීමේ හැකියාව) වැඩි දියුණු වීම.(සති 4ක් තරම් සුළු කාලයකදී වුවත් මෙය වැඩිදියුණු වන බවට සාධක ඇත )
  10. මතක ශක්තිය වැඩි වීම.වයස්ගත වීමේදී මතකය දුර්වල වීම අඩු කිරීමට ආධාරයක් වීම.උදාහරණ ලෙස ඩිමෙන්ශියාව හා ඇල්සයිමර් ආදී රෝග වලට යොදා ගත හැක .
  11. කරුණාව,දයාව ආදී උසස් මානසික සිතුවිලි වැඩිදියුණු වීම.විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව වැඩීමෙන් .
  12. සතුට හා සැනසිලිදායක ධනාත්මක සිතුවිලි වැඩි වීම.
  13. මානව සබඳතා අතර ආරවුල් දුරු වී ඒවා වැඩි දියුණු වීම.මෛත්‍රී භාවනාව වැඩීමෙන් .
  14. ඇබ්බැහිවීම් වලින් ගැලවීමට උත්ප්‍රේරකයක් ලෙස.
  15. අධික තරබාරුකම හා වැරදි ජිවන පුරුදු වලින් මිදීමට මනස සකස් කර දීමට රුකුලක් වීම.
  16. නින්ද විදිමත් වීම.
  17. වේදනාව විඳ දරා ගැනීමේ හැකියාව.
  18. අධි රුදිර පීඩනය සමනය හා හර්දය,රුධිර සංසරණ පද්දතියේ සෞක්‍ය වැඩි දියුණු කිරීමට උදවු වීම. 
  19. රුධිරගත සීනි මට්ටම පාලනයට යම් උදවුවක් ලෙස.(භාවනාව අනෙකුත් ප්‍රතිකාර සමග යොදා ගත් විට එම ප්‍රතිකාර වල ප්‍රතිපල වැඩි දියුණු කර පෙන්වා දී ඇත )


"භාවනාවෙන් ඇතිවන ඉහලම ප්‍රතිපලය නම් ඔබ වඩ වඩාත් ඔබම වූ පුද්ගලයෙකු බවට පත් වීමයි."

සැ .යු -

භාවනාව මගින් තවත් වාසිදායක ප්‍රතිපල ඇති අතර මෙහි ඉදිරිපත් කලේ බොහෝ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සහිත වාසි වේ .නමුත් මේ කිසිඳු  ලෙඩ රෝගයකදී භාවනාව පමණක්ම ප්‍රතිකාරයක් ලෙස යොදා නොගන්නා ලෙස අවධාරණයෙන් කියමි .
ඔබට යම් රෝග තත්වයක් ඇත්නම් ඒ සඳහා වෛද්‍යවරයෙක් හමු වී අනෙකුත් ප්‍රතිකාර ලබා ගන්නා අතර භාවනාව වැඩිදුර ජීවන රටාවේ වෙනසක් ලෙස පමණක් ජීවිතයට එකතු කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.


Related Link list

  1. https://www.researchgate.net/profile/Soo_Liang_Ooi/publication/333507978_Editorial_The_Landscape_of_Current_Meditation_Research_An_Overview_to_the_Special_Issue_on_Health_Benefits_of_Meditation/links/5cf0f9cb92851c4dd01cd7db/Editorial-The-Landscape-of-Current-Meditation-Research-An-Overview-to-the-Special-Issue-on-Health-Benefits-of-Meditation.pdf
  2. https://www.ncbi.nlm.nih.gov/pubmed/24395196
  3. https://www.sciencedirect.com/science/article/pii/S0889159112004758
  4. https://www.ncbi.nlm.nih.gov/pubmed/24107199
  5. https://www.ncbi.nlm.nih.gov/pubmed/22669968
  6. https://journals.lww.com/psychosomaticmedicine/Abstract/2000/09000/A_Randomized,_Wait_List_Controlled_Clinical_Trial_.4.aspx
  7. https://www.ncbi.nlm.nih.gov/pubmed/22717699
  8. https://www.researchgate.net/publication/5946075_Relationships_between_mindfulness_practice_and_levels_of_mindfulness_medical_and_psychological_symptoms_and_well-being_in_a_mindfulness-based_stress_reduction_program
  9. https://www.sciencedirect.com/science/article/abs/pii/016383439500025M
  10. https://onlinelibrary.wiley.com/doi/abs/10.1002/da.21964
  11. https://www.ncbi.nlm.nih.gov/pubmed/20387774
  12. https://journals.lww.com/psychosomaticmedicine/Abstract/2003/07000/Alterations_in_Brain_and_Immune_Function_Produced.14.aspx
  13. https://www.ncbi.nlm.nih.gov/pubmed/24439650
  14. https://www.ncbi.nlm.nih.gov/pubmed/25591492
  15. https://www.ncbi.nlm.nih.gov/pubmed/26231761
  16. https://www.ncbi.nlm.nih.gov/pubmed/26686556
  17. https://www.ncbi.nlm.nih.gov/pubmed/25141355
  18. https://www.researchgate.net/publication/8129703_Tai_Chi_Chuan_health-related_quality_of_life_and_self-esteem_A_randomized_trial_with_breast_cancer_survivors
  19. https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0036206
  20. https://link.springer.com/article/10.3758/CABN.7.2.109#page-1
  21. https://dl.acm.org/doi/10.1145/1979742.1979862
  22. https://www.ncbi.nlm.nih.gov/pubmed/23643368
  23. https://www.sciencedirect.com/science/article/abs/pii/S1053810010000681
  24. https://www.ncbi.nlm.nih.gov/pubmed/26445019
  25. https://www.ncbi.nlm.nih.gov/pubmed/24571182
  26. https://www.ncbi.nlm.nih.gov/pubmed/24093954
  27. https://www.ncbi.nlm.nih.gov/pubmed/24979314
  28. http://ccare.stanford.edu/article/enhancing-compassion-a-randomized-controlled-trial-of-a-compassion-cultivation-training/
  29. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3176989/
  30. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3156028/
  31. https://www.ncbi.nlm.nih.gov/pubmed/27012254
  32. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4106278/
  33. https://www.ncbi.nlm.nih.gov/pubmed/28718396
  34. https://www.ncbi.nlm.nih.gov/pubmed/24854804
  35. https://www.ncbi.nlm.nih.gov/pubmed/26390335
  36. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3090218/
  37. https://www.ncbi.nlm.nih.gov/pubmed/25673114
  38. https://www.ncbi.nlm.nih.gov/pubmed/25390009
  39. https://www.ncbi.nlm.nih.gov/pubmed/2975522

Comments