භාවනාව සහ යෝගා අතර සබඳතාව.

භාවනා සහ යෝගා යන දෙකම අද වන විට ලෝකය පුරා වඩාත් ජනප්‍රිය වෙමින් පවතින අතර යෝග ව්‍යායාම සිදු කරන බොහෝ දෙනෙකු එම අභ්‍යාස ආරම්භ කිරීමේදී සහ අවසාන කිරීමේදී සුළු වෙලාවක් භාවනා කිරීම සිදු කරයි .

එසේනම් භාවනාව සහ යෝගා එකම දෙයක් ද නැතහොත් එකිනෙකට වෙනස් ක්‍රියාවන් 2ක් ද ?

සැබවින්ම යෝගා යනු එක්තරා භාවනා ක්‍රමයකි.නමුත් අද කාලයේ යෝග වින්‍යාස ක්‍රම  සහ යෝගාසන බොහෝ දෙනෙකු සිදු කරනුයේ ශාරීරික ව්‍යායාමයන් ලෙසිනි.මෙය යෝගා පිළිබඳ වැරදි ආකල්පයක් වේ .
නමුත් යෝගාසන ආභාස  කොට ගෙන ලෝකයේ විවධ නූතන ව්‍යායාම ක්‍රම ඇති වී ඇති අතර උදාහරණයක් ලෙස  Pilates/පිලාටිස් ව්‍යායාම ක්‍රමය ගත හැක.

එමෙන්ම බොහෝ දෙනා උදරයේ අනවශ්‍ය මේද තට්ටුව ඉවත් කර ගැනීම සඳහා  භාවිතා කරන Flanks/ප්ලාන්ක්ස් පවා යෝගාසනයක් අනුභාශ කර ගත් ව්‍යායාමයකි .යෝගාහි ෆලකාසන ලෙස හඳුන්වනුයේද එයම වේ .


Flank pose /phalakasana 

මෙලෙස යෝගා ව්‍යායාමයක් ලෙසත් ,ව්‍යායාම ක්‍රම වලට ආභාසයක් ලෙසත්  යොදා ගත්තද සැබවින්ම එහි මූලිකම අරමුණ වනුයේ ශරීරය සුන්දර කිරීමට වඩා  මනස ඒකාග්‍ර කොට මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීමයි.
යෝගා හී අභ්‍යන්තර සැකිල්ල සැකසී ඇත්තේ කෙනෙකු කොතරම් දුරට නම්‍යශීලි ද,කෙතරම් නිවැරදි ලෙස යෝගාසන ඉරියවු කරන්නේද හෝ කෙතරම් අපහසු යෝගාසන වැඩීමට හැකියාවක් තිබේද යන්න මත නොවේ.එය සැකසී ඇත්තේ ඕනෑම ඉරියවුවක්දී අප මැනවින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේද යන්න මතයි.

එබැවින් යෝගා මූලික වශයෙන්ම සිත/සිහිය නිවැරදි ශ්වසනයක් මත පිහිටුවාලීම අරමුණු කරන බැවින් ව්‍යායාම ක්‍රමයකට වඩා භාවනා ක්‍රමයක් ලෙස හැදින්වීම යෝග්‍ය වේ .
එලෙසම එක් තැනක අසුන් ගෙන හෝ වැතිර සිදු කරන භාවනාවන් යෝගාහි ඤාණ(jnana ) යෝගා ලෙස හඳුන්වයි .මෙහි ඇති වෙනස නම් ඤාණ යෝගා හිදී  සිත එකඟ කිරීමම අරමුණු කරගෙන ඉරියවු වෙනස් නොකරමින් හා පහසු එක් ඉරියවුවක සිට එය සිදු කිරීමයි.මෙම ඤාණ යොගා ලෙස හඳුන්වනු ලබන්නේද අප බහුලව යොදා ගන්නා භාවනා ක්‍රමයන්ම වන අතර එහි විශේෂත්වය වනුයේ එය  මානසික ඒකාග්‍රතාවට පමණක් නොව meditative state නොහොත් සිත සමාධියට එනම් සිතෙහි ගැඹුරු තත්වයන්ට පත් කිරීමටද එහි හැකියාවක් සහිත වීමයි.

සාමාන්‍යයෙන් ආසන සහ වින්‍යාස යෝග වැඩීමේදී අපගේ මොළය පියවි තත්වයේ අප සිටින විට පවතින  බීටා කිරණ වල සිට සන්සුන් තාවයට පත් කෙරෙන ඇල්ෆා කිරණ නිකුත් කිරීමේ තත්වයට පත් කරයි.

 ඤාණ යෝගා(එනම් අප සාමාන්යෙන් කරන භාවනාව)කිරීමේදී මොළය තීටා සහ ඩෙල්ටා තරම් තියුණු අධි විවේකයට නොහොත් සමාධියට පත් කිරීමට තරම්  භාවනාව ප්‍රගුණ කිරීමට හැකියාව ඇත.
එහෙත්  භාවනා කිරීමට පෙර යෝගා සහ ශ්වසන අභ්‍යාස/ප්‍රාණයාම වැඩිම කෙනෙකු ඉක්මණින්ම  ඇල්ෆා කිරණ මට්ටමින් සරල සන්සුන්තාවයට පත් කරවන අතර ඉන්පසු එක්තැන් භාවනාවක් කරන විට සිත වඩාත් ගැඹුරට සන්සුන් කිරීමටත් තීටා සහ ඩෙල්ටා කිරණ නිකුත් කරන මට්ටමට ළඟා කරවීමටත් යම් පහසුවක් ලැබේ .

යෝගාසන සහ වින්‍යාස යෝගා වැඩීම මෙන්ම, යෝගාහි ප්‍රාණයාම නම් වූ ශ්වසන අභ්‍යාස වැඩිමද  මානසික සෞක්‍ය වැඩි දියුණු කිරීමට හේතුවක් වන්නේ මා ඉහත දැක්වූ කරුණු නිසාවෙනි .(ඇල්ෆා කිරණ නිකුත් කිරීමට ඇති හැකියාව)

එමෙන්ම යෝගා ශාරීරික  ව්‍යායාමයක් ලෙස සැලකීමේදී පවා එහි සාමාන්‍ය ව්‍යායාම ක්‍රම වලින් නොලැබෙන වාසිදායක  ප්‍රතිපල බොහෝ ඇති බව දක්නට ලැබේ .එනම් අපගේ ශ්වසන ක්‍රියාවලිය නිවැරදි කිරීම(abdominal breathing) හෙවත් මහා ප්‍රාචීරය භාවිතා කරමින් ශ්වසන ක්‍රියාවලිය සිදු කිරීමට අපව යොමු කරවීමත්,යෝගාසන වල විවධ නැමිම් මගින් අභ්‍යන්තර අවයව වලට සම්බාහන ක්‍රියාවලියක් ලබා දීම ආදියත්ය.

එලෙසම ශරීරය පුරා රුධිර සංසරණය සහ ස්නායු අවේග යැවීම ක්‍රමවත් වීම සහ අපගේ ඉරියවු නිවැරදි වීමත් යෝගා මගින් සිදු වන අතර එනිසාම යෝගා අනෙකුත් ව්‍යායාම වලින් වෙනස් සහ උසස් බවක් පෙන්වයි.



















Comments