සරල භාවනාවක් -01


  • කාලය -මිනිත්තු 5-10(7-15)
  • පාසල් දරුවන් සඳහා වඩාත්  සුදුසුයි (අවුරුදු 10-15)
Photo by Content Pixie on Unsplash
මුලින්ම පහසු ඉරියවුවක හිඳ ගන්න.
https://www.thewayofmeditation.com.au/meditation-posture



කෙසේ වුවද හිඳ ගෙන සිටින ඉරියවුවේදී කොන්ද කෙලින් සිටින සේ ඉරියවුව පවත්වා ගත යුතුය.
https://meditationcushions.moonleap.com/meditation_cushion_supports_best_practices




වැතිර සිටීම වුවද ගැටළුවක් නොවේ.




ඉරියවුව සකසා ගත් පසු කාලය ඔරලෝසු හෝ දුරකථනයක ඇලාමයක් ආධාරයෙන් මිනිත්තු 5 සිට 10 දක්වා අතර කාලයකට තබන්න .

දැන් ඔබගේ සිරුර සන්සුන් වීමට අදාල වෙනත් සැකැස්මක් කිරීමට ඇත්නම් එයද ඉක්මණින් සිදු කර දෑත් එකමත එක පිහිටන පරිදි වම් අත උඩින් දකුණු අත පිහිටන සේ තබා ගන්න .(බහිරව මුද්‍රාව )
https://yogacarol.co.uk/blog/bhairava-mudra-meditation-for-harmony-and-balance/

නැතහොත් අත් දෙක වෙන වෙනම උකුල මත අල්ල උඩට සිටින සේ පහසුවෙන් තබා ගන්න .
ඔබ ධ්‍යාන මුද්‍රාව දන්නේ නම් එලෙසද අත් තබා ගත හැක .
https://www.pinterest.co.uk/pin/752875262690632952/

වැතිර සිටින්නේ නම් අත් වල අල්ල උඩට සිටින සේ හෝ අත් දෙක එකක් මත එකක් බඩ මත තිබෙන සේ හෝ තබා ගන්න .
{මාගේ වචනයෙන් ඉදිරිපත් කෙරෙන ලෙස සකස් කරන ලද මෙම භාවනාව .(සංගීත ඛණ්ඩයක් සහිතයි )}


දැන් ඇස් තද නොකර සන්සුන් ලෙස ඇස් වසා ගන්න .
ඉන්පසු දිග ආශ්වාසයක් ගෙන එලෙසම දිගු ප්‍රශ්වසයක් කරන්න .එලෙස තුන් වරක් දිගු හුස්ම චක්‍ර 3ක් ගෙන ඉන් පසු තම ආශ්වාස ප්‍රශ්වාස රටාව ස්වාභාවික තත්වයට පත් වන්නට ඉඩ හරින්න .
ඉන්පසු එම හුස්ම 1 සිට 10 දක්වා සිතින් ගණන් කරන්න.එලෙස ස්වාභාවික හුස්ම දහයක් අවසාන වුණු පසු නැවත 10 සිට 1 දක්වා අවරෝහණ ක්‍රමයට හුස්ම ගණන් කරන්න .
මෙලෙස කිරීමේදී එක හුස්මක ආශ්වාසය හා ප්‍රාශ්වාසය යන දෙකටම එක් වරක් අශ්වාසයේදී පමණක් සිතින් ගණන් කිරීමේ ඉලක්කම සිතන්න .
මෙසේ සිතින් ආශ්වාසයන් ගණන් කිරීමේදී ආරෝහණ ක්‍රමයට ගණන් කරන විට පඩිපෙලක පඩියෙන් පඩිය ඉහළ නගින්නාක් මෙන්ද ඉන්පසු අවරෝහණ ක්‍රමයට ගණන් කිරීමේදී එම පඩි පෙලෙහිම පහළට පඩිය ගණනේ එන ලෙසද සිතන්න . මෙලෙස 1 සිට 10 දක්වා හා 10 සිට 1 දක්වා රවුම් කාලය අවසාන වන තුරු ගණන් කරමින් හුස්ම පිලිබඳ සිත තබා ගන්න .

භාවනා කරන අවස්ථාවේදී සිතට යම් සිතුවිල්ලක් පැමිණි විට එය ඔස්සේ නොසිතා එය අත හැර නැවත භාවනා අරමුණටම එන්න . ගණන් කිරීමේ ඉලක්කම අමතක වුවහොත් නැවත 1 සිට පටන් ගන්න .
කිසි විටෙක ආරම්භයේදී මෙලෙස ඔබගේ සිතුවිලි භාවනා අරමුණෙන් විසිර ගියහොත් ඒ ගැන කණගාටුවක් හෝ තරහක් නොසිතන්න .
එය මිනිස් සිතෙහි ස්වාභාවය ලෙස නුවණින් දකින්න .

මෙහිදී ඔබගේ සාමාන්‍ය හුස්ම වේගය අනුව තබන කාලය තුල කළ හැකි ගණන් කිරීමේ වට ගණන තීරණය වන අතර ,ඔබගේ සිතට සිතුවිලි පැමිණීමෙන් ඉලක්කම අමතක වුවහොත් එය මතද වට ගණන වෙනස් වනු ඇත .
අවශ්‍ය වන්නේ කෙතරම් වට ගණනක් එලෙස ආරෝහණ අවරෝහණ ක්‍රමයට අප භාවනා කරන කාලය තුළ ගණනය කරන්නේදැයි දැන ගැනීම නොව සිත එක අරමුණක පවත්වා ගැනීමයි .
සිත එකම කර්තව්‍යක යෙදවීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමෙන් අවධානය දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි .

කාලය අවසාන වූ පසු නැවත දිගු හුස්මක් ගෙන ඉන්පසු තම ශරීරයේ පෘෂ්ටයන් ස්පර්ශ වන ස්ථාන හා ඉරියවුව පිලිබඳ සිත යොදවා පියවි සිහියට පැමිණ දෙඇස් විවෘත කරන්න .
ඔබ උදෑසන භාවනා කළේ නම් දවස තුල තම ඉගැනීමේ හෝ කාර්යාල හෝ නිවසේ වැඩකටයුතු වලට අද දිනයේ උපරිම අවධානය දෙන ලෙසට අදිෂ්ටාන කර දවසේ වැඩ කටයුතු පටන් ගන්න .
රාත්‍රියේ භාවනා කලේ නම් එලෙසම හෙට දිනයේ කරන ලෙස අදිෂ්ටාන කර නින්දට යන්න .

මෙලෙස පළමු දිනයේ මිනිත්තු 5ක් භාවනාවක් කලේනම් ඔබ දින දෙකක් එලෙස මිනිත්තු 5ක් කර ඉන් පසු මිනිත්තු 6,7,8,9 ලෙස උපරිම මිනිත්තු 10ක් වන තුරු පළමු සතියේ කාලය වැඩි කරමින් යන්න නමුත් මිනිත්තු 10 නොඉක්මවන්න .
මිනිත්තු 10ක කාලයකින් ආරම්භ කලේ නම් සතිය පුරාම එම කාලයම පමණක් දිනකට එක වරක් දිනපතා භාවනා කරන්න .

















Comments

  1. This article is one of the very admirable articles of this article series.Specially, these articles are so helpful to beginners of meditation to launch their efforts into practice.The language used by the author is simple and easy to understand.Hope the author will continue the article series in future also!!

    ReplyDelete
    Replies
    1. Thanks a lot.Will be continuing for sure..It's my passion to share about meditation.

      Delete

Post a Comment